විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට
ඉන්දියානුවන්ට උපාධි සහතික ලබා ගැනීම එරට තුළ පහසු කාර්යයකි. එනිසා කිසියම් රැකියාවක් සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරන ඉන්දියානුවන් අති විශාල පිරිසක් ලංකාවේ කිසියම් පුරප්පාඩුවක් අයදුම් කරනු ඇත. රැකියා සඳහා අයදුම් කරන්නන් විශාල ලෙස ඉහළ යාම නිසා වැටුප් මට්ටම් සැළකිය යුතු ලෙස පහත යනු ඇත. ලංකාවේ ඇති සීමිත රැකියා අවස්ථාවන් ඉන්දියානු වෘත්තිකයන්ට විවර වීම නිසා වත්මන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට රැකියාවක් සපයා ගැනීමද දුෂ්කර වනු ඇත.පෞද්ගලික ආයතනයන්හි සේවයේ නියුතු වෘත්තිකයාට
ඉන්දියානු වෘත්තිකයන් සඳහා රැකියා වෙළඳ පල විවර වීම තුළ ඔබගේ සේවය හා සමාන සේවයක් ඊට ඉතා අඩු මුදලකට ඉන්දියානුවන් වෙතින් සපායා ගැනීමට ඔබගේ ආයතනය පෙළඹෙනු ඇත. ඒ නිසා ඔබට වැටුප් වර්ධක නොලැබෙනු ඇති අතර ඔබගේ ආයතනයට ඔබ ඉවත්වී යා නම් වඩා යහපතක් සිදුවනු ඇති බව හැඟීයාම තුළ ඔබට ඇති වෘත්තිමය වටිනාකම අහිමිවනු ඇති අතර රැකියාව අහිමි වීමේ දැඩි අවධානමක් ඇතිවනු ඇත.ඉහළ විධායක නිලධාරීන්ට සහ කළමනාකරුවන්ට
දැනටත් ලංකාවේ පවතින බහුජාතික සමාගම් කිහිපයකම ඉහළ කළමනාකාරීත්වය හිමිව ඇත්තේ ඉන්දියානුවන් වෙතය. එට්කා ගිවිසුමත් සමඟම මෙම ප්‍රවණාතාවය තව දුරටත වර්ධනය වනු ඇත. ඔබේ රැකියාව අහිමි වීමේ දැඩි අවදානමක් ඇත.රජයේ සේවකයන්ට
ETCA ගිවිසුම නිසා සමස්ත රැකියා වෙළදපලේ වැටුප් මට්ටම පහත යන විට ඔබගේ වැටුප් වැඩි වීම් සහ අනෙක් දීමනා කප්පාදුවකට රජය පෙළඹෙනු ඇත. පෞද්ගලික අංශයේ වැටුප් මට්ටම වේගයෙන් පහත යාම නිසා රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් අතර වැටුප් අසමතුලිතතාවයක් හට ගනු ඇත. එය රජය විසින් දරන අනවශ්‍ය වියදමක් ලෙස අර්ථ දැක්වෙනු ඇත. එනිසා ඊට පිළියම් ලෙස රාජ්‍ය අංශය විසින් වැඩියෙන් පෞද්ගලික අංශයෙන් සේවා සපයා ගැනිමට පෙළඹෙනු ඇති අතර රාජ්‍ය අංශය පෞද්ගලීකරණය වේගවත් කරනු ඇත.සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට
ඉන්දීය සමාගම් විසින් මෙරට සෑම ක්ෂේත්රයකට අදාළවම ව්‍යාපාර අරඹනු ඇත. ඒ සඳහා ඔවුන් විසින් ඉතා අඩු වැටුපකට ඉන්දියානුවන් සේවයේ යොදවනු ඇත. එමගින් ඔවුන්ගේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන පිරිවැය ඉතා පහළ මට්ටමක තබා ගෙන කෙටි කලක් තුළ භාණ්ඩ හා සේවා අඩු මිලකට වෙළඳපළට සැපයීම තුළින් ඔබව ක්ෂේත්රයෙන් ඉවත් කරළීමට ඉන්දියානු ව්යාපාරිකකයින්ට හැකිවනු ඇත.පාරිභෝගිකයන්ට
එට්කා ගිවිසුම නිසා සමස්ත වැටුප් මට්ටම පහත වැටීම සහ ලාංකිකයන් අතරේ විරැකියාව බහුලවීම තුළ ඔබගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවනු ඇත.දෙමව්පියන්ට
ඔබගේ දූවා දරුවන්ට රැකියාවක් සොයා ගැනීම අපහසු වනු ඇත. ලැබෙන රැකියාවේද වැටුප් ජීවන වියදමට නොසරිලන ලෙස පහත මට්ටමකට යනු ඇත. ඒ නිසා ඔවුන් අපේක්ෂා භංගත්වයට පත්විය හැකිය.-තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය (SITP)
No comments:
Post a Comment