ලසන්ත වික්‍රමසිංහ සහ කපිල පෙරේරා මහත්වරුන් විසින් රචනා කර තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් එළි දක්‌වන ලද එට්‌කා නෑයෙක්‌ද "ආක්‍රමණිකයෙක්‌ද" යන ග්‍රන්ථය ශ්‍රී ලංකා රජය නුදුරු අනාගතයේදී ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට සැළසුම් කර ඇති ආර්ථික හා තාක්‌ෂණ සහයෝගීතා ගිsවිසුම (ETCA) ශ්‍රී ලංකාව කෙරෙහි සෑම අතින්ම බලපාන අයුරු විග්‍රහ කරන ග්‍රන්ථයකි. කතුවරුන් දෙදෙනා ආර්ථික විද්‍යාඥයින් නොවුණද මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙකු විසින් එට්‌කා ගිsවිසුම පිළිබඳ කරනු ලැබූ විග්‍රහයන්ට වඩා සාර්ථකව විග්‍රහ කර ඇති බව කිව යුතුය. එමෙන්ම මෙම ගිවිසුම ශ්‍රී ලංකා ආර්ථිකයට මෙන්ම රටේ සමාජ දේශපාලන සහ සංස්‌කෘතික අංශයන්ට කරනු ලබන බලපෑම මනාව ඉදිරිපත් කිරීමට කතුවරුන් දෙදෙනා සමත් වී ඇති බව අවංකවම ප්‍රකාශ කළ යුතුය. මා මෙහිදී සැළකිල්ලට ගනු ලබන්නේ එට්‌කා ගිවිසුම රටේ ආර්ථිකයට බලපාන්නේ කෙසේ දැයි කතුවරුන් දැක්‌වූ කරුණු පිළිබඳව පමණි.
මෙම ග්‍රන්ථයේ දක්‌වා ඇති පරිදි අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති වෙළඳ ගනුදෙනු ශ්‍රී ලංකාවට ඉතා අහිතකරය. ශ්‍රී ලංකාව සම්බන්ධ විදේශ වෙළඳාම පිළිබඳ මූලික ගිණුම වූ වෙළඳ ගිණුමෙහි රටවල් දෙක අතර වෙළඳාමේ අසමබරතාවය මනාව පැහැදිලි කරයි. 2015 දී ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට එක්‌සත් ජනපද ඩොලර් මිලියන 643 ක භාණ්‌ඩ අපනයනය කළ අතර එක්‌සත් ජනපද ඩොලර් මිලියන 4268 ක භාණ්‌ඩ ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කර ඇත. 2016 දී ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට අපනයනය කරන ලද භාණ්‌ඩවල මුළු වටිනාකම තවදුරටත් පහළ වැටී ඩොලර් මිලියන 554 දක්‌වා අඩු වී ඇත. මේ අනුව 2015 දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති වෙළඳාමේ පරතරය එක්‌සත් ජනපද ඩොලර් මිලියන 3625 කි. එය ශ්‍රී ලංකාවේ සමස්‌ත වෙළඳ හිගයෙන් සියයට 40 කට වඩා වැඩි අගයක් ගනී. කතුවරුන් පෙන්වා දෙන පරිදි එට්‌කා ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව මෙම වෙළඳ පරතරය තවත් වැඩි වන බවද කිවයුතුය.
ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් වෙළඳාම සම්බන්ධ තමන්ට අවාසි සහගත තත්ත්වයක් ඇති රටවල් සමඟ කේවල් කරනුයේ එම රටවල් සමඟ ඇති වෙළඳාම් පරතරය අඩුකර ගැනීමටය. බොහෝ විට ඉන්දියාව චීනයට ඉදිරිපත් කරන ප්‍රධාන දුක්‌ගැනවිල්ල වන්නේ චීනය සමඟ ඇති වෙළඳාමේ අසමබරතාවය අඩුකර ගන්නා ලෙසය. මේ තත්ත්වය අද ඇමෙරිකාව සම්බන්ධයෙන්ද අපහට දැකිය හැකිය. ට්‍රම්ප් ජනාධිපති වූ පසු ලතින් අමෙරිකානු රටවලට සහ චීනයට බලපෑම් කරන්නේ ඇමෙරිකාව සමඟ ඇති වෙළඳාමේ පරතරය අඩුකර ගන්නා ලෙසය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඇති වෙළඳ පරතරය ඉන්දියාවට වාසිදායක ලෙස ඇති රටවල් අතරින් පස්‌වන ස්‌ථානය ගනී. එහෙත් ඉන්දියාව මෙම වෙළඳ පරතරය අඩුකර ගනු වෙනුවට තවත් වැඩිකර ගැනීමට ශ්‍රී ලංකාවට බලපෑම් කරනු ලබයි. එහෙත් රජයට සම්බන්ධ ආර්ථික විද්‍යාඥයින් මේ පිළිබඳ දක්‌වන්නේ ඉතා උදාසීන ප්‍රතිපත්තියකි.
ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය බොහෝ දුරට පියවා ගනු ලබන්නේ ලංකාවට ලැබෙන සංක්‍රමණික ආදායම මගිනි. විශේෂයෙන්ම එහෙය මැද පෙරදිග ශ්‍රමය වැයකරන අපගේ ශ්‍රමිකයන් එවන ආදායමෙනි. අද විදේශිය රටවල සේවය කරනු ලබන ශ්‍රමිකයින් වසරකට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 7000 ක් පමණ එවයි. එත් ලංකාවේ සේවය කරන විදේශීකයින් ලංකාවෙන් රැගෙන යන්නේ ඩොලර් මිලියන 800 ක ප්‍රමාණයක් පමණි. ඒ අනුව සේවා ගිණුමේ ශ්‍රමිකයින්ගේ ආදායම අපට වාසිදායක ලෙස එනම් ඩොලර් මිලියන 6200 ක අතරික්‌තයක් ඇත. මෙම ග්‍රන්ථය පෙන්වා දෙන පරිදි එට්‌කා ගිවිසුම අත්සන් තැබුව හොත් ශ්‍රී ලංකාවට වාසිදායක වූ මෙම සේවා ගිණුමේ වාසිදායක තත්ත්වය අවාසිදායක තත්ත්වයකට පත්වනු ඇත. මන්ද, අඩු වැටුපකට සේවය සඳහා ලංකාවට පැමිනෙන ඉන්ඳීයයන් තම වැටුප් නැවත ඉන්දියාවට රැගෙන යන බැවිනි.
තවද සේවා ගිණුමේ ඊළඟට ශුද්ධ අගයක් වාර්තා කරන්නේ සංචාරක කර්මාන්තයයි. 2015 දී එය එක්‌සත් ජනපද ඩොලර් මිලියන 1600 කි. එට්‌කා අත්සන් තැබුවහොත් ඉන්දීය සමාගම ලංකාවේ සංචාරක කටයුතු ඉන්දියාවේ සිට මෙහෙයවන අතර, එයින් ලැබෙන විදේශ විනිමය ඉන්දියාව විසින් රැස්‌කර ගනු ඇත. ආයෝජන අංශයෙන් බලන කල පොලිය සඳහා කරන ලද ගෙවීම් සහ විදේශීයන්ට ලාභාංශ ලෙස මෙරටින් රැගෙන ගිය විදේශ විනිමය ඩොලර් මිලියන 1250 ක් පමණ වේ. එට්‌කා ගිවිසුම නිසා මෙම අංශ දෙකෙහිම හිගය තවදුරටත් වර්ධනය වනු ඇත. බොහෝවිට ඉන්දීය සමාගම් ලංකාවේ නිෂ්පාදන ආරම්භකරතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වුවද අඩු වැටුපකට ඉන්දියාව තුළම ශ්‍රමය ලබාගෙන ඉන්දියාවේ වෙළඳපොළ සඳහා නිෂ්පාදන අළෙවි කිරීමට එම සමාගම්වලට හැකියාව ඇත. එබැවින් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර එම භාණ්‌ඩ ඉන්දියාවටම යෑවීමට එම සමාගම් කටයුතු කරනුq ඇතැයි සීතීම මුලාවකි.
තවද ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාව තුළ ආයෝජනය කිරීමට අවස්‌ථාව ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවේ. එහෙත් මීට පෙර ශ්‍රී ලංකාවේ ආයෝජකයින් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකාවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අවසර ඇතුව ඉන්දියාවේ ආයෝජන කරන ලදී. එහෙත් එම ආයෝජකයින්ගේ අත්දැකීම් ඉතා අමිහිරි වූ ඒවා විය. ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකා අයෝජකයින්ට එරට ආයෝජනය කිරීමට අවස්‌ථාව ලබාදුන්නද ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්‌ඩු, පළාත් පාලන ආයතන සහ ඉන්දීය නිලධාරීන් නිරතුරුවම එම සමාගම්වලට හිරිහැර කරන ලදී. බොහෝ ආයෝජකයින් මෙම තත්වයට මුහුණ දීමට නොහැකිව නැවත තම ආයෝජන ලංකාවට ගෙන්වා ගන්නා ලදී. මංචි බිස්‌කට් සමාගම මේ පිළිබඳ හොඳම උදාහරණයකි. මංචි බිස්‌කට් සමාගමට ඉන්දියාවේ නිෂ්පාදනය කළ තම නිෂ්පාදන වෙළඳපොළට දෑමීමේදී ඔවුන් මුහුණදුන් ගැටලු නිරාකරණය කිරීමට දිගු කළක් ගන්නා ලදී. එහිදී ඔවුන්ගේ නිෂ්පාදන කල් ඉකුත් වූ නිෂ්පාදන ලෙස වෙළඳපොළට ඉදිරිපත් නොකොට ඉවත් කර ගැනීමට සිදුවිය. ඉන්දියාවේ ශ්‍රමය ලාභදායී වුවද අද දම්රෝ නිෂ්පාදන ලීබඩු නිෂ්පාදන ආයතනය වුවද එහි නිෂ්පාදන කරනුයේ දැඩි බාධක මැදය. අපගේ දේශීය ආයෝජකයින් ලැබූ මෙම අමිහිරි අත්දැකීම් ඉන්දියාව තුළදී නැවතත් අපගේ ආයෝජකයින්ට මුහුණ දීමට සිදුවනු ඇත.
අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එට්‌කා ගිවිසුම අත්සන් තබන්නේ ඉනAදීය ආයෝජකයින්ට ලංකාවේ තොරතුරු හා මුහුදු යාත්‍රා කේ්‍රෂත්‍රවල ආයෝජනය කිරීමට අවස්‌ථාවක් බවය. දැනට ලංකාවේ පවතින විනිමය පාලන නීති අනුව ඕනෑම විදේශිකයෙකුට මෙම කේෂත්‍රවල ආයෝජනය කිරීමට කිsසිදු අවහිරතාවයක් නැත. විදේශිකයින්ට ලංකාවේ ආයෝජනය කළ නොහැක්‌කේ සීමිත කේෂත්‍ර කිහිපයක පමණි. ඒ අනුව රටතුළ පවතින සාමාන්‍ය නීතිය යටතේ විදේශිකයින්ට ආයෝජනය කිරීමට හැකියාව ඇති අතර අමතර ගිවිසුමක් අනවශ්‍ය වනු ඇත. එසේ නම් එම ගිවිසුම තුළ මීට වඩා සැඟවී ඇති කරුණු බොහෝ තිබිය හැකිය.
මීළඟ වැදගත් කරුණ වන්නේ ඉන්දීය ශ්‍රමිකයින් මෙරටට පැමිණීම පිළිබඳවයි. ශ්‍රමය නිදහසේ සංචලනය විය යුත්තේ ශ්‍රම අතිරික්‌තයක් ඇති රටක සිට ශ්‍රම හිඟයක් ඇති රටකටය. ඉන්දියාවට සාපේක්‌ෂව ලංකාවේ විරැකියාව නැතත් අප රට තුළද ශ්‍රම අතිරික්‌තයක් ඇත. මෙහිදී ලංකාවේ ශ්‍රමිකයින් මුහුණ දෙන්නේ ඉතා අවාසනාවන්ත තත්ත්වයකටය. ඉන්දීය ශ්‍රමිකයින් අඩු වැටුපකට සේවය කිරීමට කැමැත්තේ නම් ශ්‍රී ලාංකිකයින්ටද එම වැටුපට සේවය කිරීමට සිදුවනු ඇත. එමෙන්ම විරැකියාවෙන් පෙළෙන මෙරට තරුණ තරුණියන්ට රැකියාවක් ලබා ගැනීම සඳහා විදේශිකයින් සමඟ තරග කිරීමට සිදුවනු ඇත.
මේ අනුව එට්‌කා ගිවිසුම අත්සන් තැබීමෙන් සිදුවන්නේ අයහපතක් බව පෙනීයයි. රටේ විදේශ විනිමය හිඟය තවදුරටත් වර්ධනය වී රටතුළ දැඩි ආර්ථික අසහනකාරී තත්ත්වයක් ඇතිවනු ඇත. ශ්‍රී ලංකාවේ රුපියල ශීඝ්‍රයෙන් පිරිහී රටතුළ උද්ධමනය වර්ධනය වනු ඇත. ඉන්දියාව මෙවැනි ගිවිසුම් මගින් නේපාලය, භූතානය වැනි අසල්වැසි රටවලට කළ දේ ලංකාවටද කරනු ඇත. ඉන්දීය සමාගම් බොහෝවිට තම භාණ්‌ඩවල මිළ වැඩිකර ගැනීම සඳහා ඉන්දීය රජයේ ආශීර්වාදය ඇතිව ශ්‍රී ලංකා රජය සමඟ කේවල් කරනු ඇත. අද ඉන්දීය ඔයිල් සමාගම හැසිරෙන ආකාරය මීට හොඳ උදාහරණයකි.
මෙම ග්‍රන්ථය එට්‌කා ගිවිසුම නිසා ආර්ථිකයට සිදුවන බලපෑම මේ අයුරින් ඉතා සිත් ගන්නා ලෙස විග්‍රහ කරයි. එහෙත් ඉන්දියාව වැනි විශාල රටක ආර්ථිකයේ ඇතිවන වර්ධනයන් සහ පරිහානියන් ඇතුළත් ආර්ථික චක්‍රය (Business Circle)) සමඟ ලංකාවේ ආර්ථික උත්පාත සහ අවපාත ඇතුළත් ආර්ථික චක්‍රය හා සසඳනු ලැබුවේ නම් මෙම ග්‍රන්ථය පරිපූර්ණ ග්‍රන්ථයක් වනු ඇත. ඉන්දියාව දකුණු ආසියාවේ බලවත් හා විශාල රාජ්‍යවේ. එහි භූමි ප්‍රමාණය ආර්ථිකය හා ජනගහනය ලංකාවට වඩා සිය ගුණයකින් විශාලවේ. රටක ඉහළ ආර්ථික වේගයක් අත්පත් කර ගන්නා කාලයක් ඇති අතර තවත් කාලයක ආර්ථික වේගය දුර්වල වේ. මේ අනුව ආර්ථික චක්‍රයක උත්පාත සහ අවපාත ඇති වේ. මෙම උත්පාත සහ අවපාතයන්හි ගැඹුqරු බව සහ දිගු බව රටකින් රටකට වෙනස්‌වේ. බලවත් රටක ආර්ථික චක්‍රය කුඩා රටක ආර්ථික චක්‍රයට වඩා වෙනස් ලෙස හැසිරේ. කුඩා රටක් ආර්ථික බලවත් රටක් සමඟ එකතු වුවහොත් එම කුඩා රටට සිදුවන්නේ බලවත් රට මුහුණපාන ආර්ථික චක්‍රයටම මුහුණ දීමටය. කුඩා රටක ආර්ථික අවපාතයක් ඇති වුවහොත් රජයට මුදල් සැපයුම විස්‌තාරණය කිරීමෙන් එම අවපාතය යම්තාක් දුරට පාලනය කළ හැකිය. අප ඉන්දියාව සමඟ ආර්ථික ගිවිසුමක් මගින් එකතු වුවහොත් අපට සිදුවන්නේ ඉන්දියාවේ ආර්ථික චක්‍රයට මුහුණ දීමටය. ඒ අනුව. සියයට 8-10 ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමට තිබූ අවස්‌ථාව ශ්‍රී ලංකාව අහිමිකර ගනු ඇත.
මෙම කරුණ 1997 දී යුරෝපා ආර්ථික සංගමය ඇති කිරීමේදී බ්‍රිතාන්‍ය ඊට එක් නොවීමට බලපෑ එක් ප්‍රධාන සාධකයක් විය. එහිදී බ්‍රිතාන්‍ය හේතු දෙකක් මත යුරෝපා ආර්ථික සංගමයට එක් නොවීමට තීරණය කරන ලදී. පළමු කරුණ වූයේ බ්‍රිතාන්‍ය සහ යුරෝපා ආර්ථික හවුල අතර පැවැති වෙනස් ආර්ථික චක්‍රයන් විය. දෙවැන්න වූයේ යුරෝපා ආර්ථික සංගමයේ ඇතැම් රටවලට වඩා දියුණු ආර්ථික තත්ත්වයක් බ්‍රිතාන්‍ය සතුව තිබීමයි. මෙම කරුණු දෙකම අදත් ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව ආර්ථික ගිවිසුම්වලට එළැඹීමේදී වලංගුවේ. එබැවින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් මෙම කරුණ පිළිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත්ය.
මේ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යාඥයින් ශ්‍රී ලංකාවට බලපානු ලබන ඉතාම වැදගත් කරුණු රාශියක් මෙම ගිවිසුම සැකසී මේදී මග හැරීමට කටයුතු යොදා ඇත. දෙරටක් අතර ආර්ථික ගිවිසුම්වලට එළඹීය යුත්තේ එම දෙරට අතර ආර්ථික කරුණු පිළිබඳ මනා අධ්‍යයනයක් කිරීමෙන් පසුව බව කතුවරුන් පෙන්වා දෙති. විශේෂයෙන්ම වෙළඳ හිඟය දැඩි අර්බුදයක් බවට ඇති රටක තම රට වෙත වැඩියෙන්ම වෙළඳ හිඟයක් ඇති කරන රට සමඟ ඉදිරිපත් කරන ගිවිසුමක ඒ බව සඳහන් නොවන්නේ නම් එය තනිකරම වංචාවකි. දේශෙද්‍රdaහී ක්‍ර්‍රsයාවකි. ඒ අනුව ආර්ථික ඝාතන ක්‍රියාවලියකට ඉතාම හොඳ නිදර්ශණයකි මෙම එට්‌කා ගිවිසුම.
* ඔස්‌මන් චන්ද්‍රවංශ
හිටපු විනිමය පාලක සහ ජ්‍යෙෂ්ඨ අර්ථශාස්‌ත්‍රඥ
http://divaina.com/daily/index.php/visheshanga3/676-100-27

No comments:
Post a Comment