ETCA සාකච්ඡා වේගවත් කෙරේ. චන්දෙන් පස්සේ ETCA

ETCA සාකච්ඡා වේගවත් කෙරේ. චන්දෙන් පස්සේ එට්කා  චන්දෙන් පස්සේ ETCA




දෙරණ ප්‍ර‍වෘත්ති විකාශය


තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම්, ලසන්ත වික්‍රමසිංහ: 

සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම පසුගියදා අත්සන් තැබුණා. මෙම ගිවිසුම සඳහා මෙන්ම ඉන්දියානු එට්කා ගිවිසුමට සහ චීන- ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම සදහාත් ක්‍රියාත්මක වෙන්නේ එකම සාකච්ඡා කණ්ඩායමක්. මෙම පිරිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වෙළද ගිවිසුම් ගිවිසුම් සදහා ගෙනයන ක්‍රියාදාමය ඉතා දූෂිත ක්‍රියාදාමයක්.

මේ කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන කේ. ජේ. වීරසිංහ මහතා ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ක්ෂේත්‍රය නියෝජනය කරන සංගමයක් සදහා උපදේශකයකු යැයි කියමින් ඉන් මුදල් ලබන අයෙක්. මේ කාරණා අප මතුකරන විටදී මෑතකදී ඔහු ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කළත් සෑහෙන කලක් එම සංගමයෙන් මුදල් ලබන අතරේම ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම  ඔහු නියෝජනය කළා. ඔහු ඉන්දියාව සමඟ එට්කා සාකච්ඡාවලදී වැඩිපුරම උත්සාහ ගන්නේ ලංකාවේ ඇගලුම් සදහා පනවා ඇති කෝටාව ඉවත් කරගැනීමට.

ඒ සාකච්ඡාවලදී ලංකාවෙන් ඉදිරිපත් කෙරන එවැනි ඉල්ලීමක් වෙනුවෙන් ඉන්දියානු ඉල්ලීම් ඉටු කරන්න ඔවුනට සිද්ධ වෙනවා. එවිට එහි පාඩුව සිද්ධ වෙන්නේ අනෙකුත් ලාංකීය කර්මාන්ත සදහා. ඒ වගේම තමයි නවසීලන්ත ජාතිකයෙකු වන රවී රත්නායක නමැති පුද්ගලයෙකුත් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.

මෙවැනි අක්‍රමිකතා රැසක් ඇති මෙම ක්‍රියාදාමය නතර කරන ලෙස අපද නියෝජනය කරන වෘත්තකයන්ගේ පුළුල් එකතුවක් වන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ලෙස ජනාධිපතිතුමා ඇතුළු සියළු කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් මේ දූෂිත ක්‍රියාදාමය දිගටම කරගෙන යන්න අනුබල දුන්නා. ඒ විතරක් නෙමෙයි, ජනාධිපතිතුමා විසින් එක්සත් ජාතික පක්ෂය විසින් කාබාසිනියා කර දැමූ ආර්ථිකය තමා අතට ගන්නා බව පැවසුවත්, සිංගප්පූරු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කරන විට වේදිකාව උඩ හිටියේ එතුමා.

පසුගිය දෙසැම්බර් මස 18 සිට 20 දක්වා දින තුනක් ඉන්දු ලංකා එට්කා සාකච්ඡා කොළඹදී පැවැත්වී තිබුණා. කිසිම තැනක මේ බව වාර්තා වූයේ නැහැ. රහස් සාකච්ඡා ලෙස තමයි මේවා සිදු වෙන්නේ. ඒ වගේම මේ පළාත් පාලන මැතිවරණය අස්සේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී තවත්  එට්කා සාකච්ඡා වටයක් පැවැත්වෙන්න යොදාගෙන තියෙනවා.


ළඟ එන පළාත් පාලන මැතිවරණයෙන් පසුව මාස කිහිපයක් ඇතුළත එට්කා ගිවිසුම අත්සන් තබන බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබෙනවා. අපි දන්නේ නැහැ එට්කා ගිවිසුම අත්සන් කරන විටත් ජනාධිපතිතුමා වේදිකාවේ උඩින්ම ඉදියිද කියලා.

හැබැයි ගරු ජනාධිපතිතුමා වේදිකාවේ දූෂණයට වංචාවට විරුද්ධව කතා කරන්නේ ඇත්තටම නම්, එතුමාට පුලුවන් මේ පෙබරවාරි මාසයට නියමිත සාකච්ඡා වටය අත්හිටුවන්න. ඒ වගේම ඇගලුම් ක්ෂේත්‍රයෙන් "උපදේෂකයෙකු" ලෙස වැටුප් ලැබූ  කේ. ජේ. වීරසිංහ මහතාව මෙම එට්කා සාකච්ඡා කණ්ඩායමෙන් ඉවත් කරන්න. මලික් සමරවික්‍රම ඇමතිවරයා පුවත්පතකට පවසා සිටියා සියළුම වෘත්තීයවේදීන්ගේ සංගම් එක්ක ඔවුන් කතා කළ බව ඒක අමූලික බොරුවක්. ඔවුන් කිසිම කෙනෙක්ගේ අදහස් අරගෙන නැහැ. අපි අභියෝග කරනවා මලික් සමරවික්‍රම ඇමතිවරයාට සියළුම වෘත්තීය සංගම් නෙමෙයි, එක වෘත්තීය සංගමයක නමක් කියන්න කියලා. මෙලෙස කටයුතු සිද්ධ වෙන මේ අමාත්‍යාංශය තමා යටතට පවර ගෙන දේශපාලන වේදිකාවේ සිට පවසන දේ මේ මහපොළොවේ යථාර්තයක් බවට පත් කරන්න කියලා අපි රටේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර: 

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ආරාධනාවෙන් මෙම සාකච්ඡාවට එක් වූ වසර පහළවකට ආසන්න කාලයක් නිදහස් වෙළඳ ගිවිසුම්වල ක්‍රියාදාමයන්ට 
මැදිහත් වී ඇති වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහතා ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවක් සකස් නොකොට මෙවැනි ගිවිසුම්වලට යාමෙන් ඇතිවන බරපතල අනතුර පෙන්වා දුන්නේය.

සේවා ලිහිල්කරණයේ තුන්වන ආකාරය (මෝඩ් 3) තමයි සමාගක් ලෙස පැමිණ සේවා සැපයීම. හතරවන ආකාරය තමයි පුද්ගලයන් ලෙස පැමිණ සේවා සැපයීම. රජය පවසනවා එට්කා ඇතුළු වෙළද ගිවිසුම්වලට හතරවන ආකාරය ඇතුළත් කරලා නෑ කියලා. සේවා ලිහිල්කරණය කියන්නේ තනිකරම රටක නීතිය එක්ක කරන සෙල්ලමක්.
සේවා ලිහිල්කරණය සඳහා අවශ්‍ය කරන නීති ලංකාව තුළ සකස් කරලා නෑ. එම නීති පද්ධතිය සකස් වෙලා නැති නිසා ලංකාවේ ඕනෑම කෙනෙකුට ඕනෑම වරගයක සේවා සපයන ආයතනයක් ලියාපදිංචි කළ හැකියි.

එවැනි තත්වයක් තුළ සමාගමක් ලෙස පැමිණීම සහ පුද්ගලයන් ලෙස පැමිණීම අතර වෙනසක් නැහැ. කවුරු හරි වෘත්තිකයෙකුට ලංකාවට එන්න ඕනා නම් කරන්න තියෙන්නේ ලංකාවේ සමාගමක් ලියාපදිංචි කරන එක පමණයි. එවිට ඔහුට එම සමාගමේ පුද්ගලයෙකු ලෙස ලංකාවට පැමිණ ඔහුගේ වෘත්තිය අර සමාගම මගින් මෙරටේ කරගෙන යන්න පුලුවන්. ඒ නිසා සේවා ඉහිල්කරණය සඳහා අවශ්‍ය නීති පද්ධතිය නැති රටක මෝඩ් 4 නෑ කියල කියන එක තනිකරම ඇස්වලට වැලි ගැහිල්ලක්. මේ සදහා අවශ්‍ය අණ පනත් සාදන්න අපි නොමිලේම සේවා සපයන්න
කැමති බව රජයට දන්වා හිටියත් රජය අපෙන් ඒ වැඩේ ගත්තෙ නෑ. රජයේ නිලධාරීන ඒ වැඩේ කලෙත් නෑ. ගිවිසුම් අත්සම් කළාට පස්සේ නීති හැදුවට වැඩක් නෑ. මොකද පස්සේ හදන නීති ඊට කලින් ගහපු ගිවිසුම්වල්ට ඒ විදියටම වලංගු වෙන්නේ නෑ. ඒ නිසා ශ්‍රී ලංකාවට අවශ්‍ය නීති රාමුව සකස් නොකර ද්විපාර්ශවික සේවා ලිහිල්කරණ ගිවිසුම්වලට ඇතුළත් වීම  තුළ ලංකාව විශාල අර්බුධයකට මුහුණපාන එක වළක්වන්න බැහැ.


තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ උපලේකම් ලහිරු කරුණාසිරි

අපට ලැබිලා තියෙන තොරතුරු අනුව සිංගප්පූරු ගිවිසුම මඟින් සේවා ක්ෂේත්‍ර ගණනාවක් ලිබරල්කරණය කරලා තියෙනවා. අපි නියෝජනය කරන තොරතුරු තාක්ෂණ සම්පූර්නයෙන්ම විදේශිකයන්ට විවෘත්ත කරලා තියෙනවා.

බොහෝ දුරට ඉන්දියාව එක්ක එට්කා ගිවිසුමෙත් මේ සියලු ක්ෂේත්‍ර ඇතුළත් වනු ඇති. මෙම සිංගප්පුරු ගිවිසුම නිසා සිංගප්පුරුවට ඇමරිකානු ඩොලර් මිලියන දහයක් වාර්ෂිකව බදු මුදල් ඉතුරු වන බව විෂයභාර සිංගප්පුරු අමාත්‍යවරයා පවසා තිබෙනවා. ඒ කියන්නේ ලංකාවට මෙම ගිවිසුම මඟින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන දහයක බදු ආදායමක් අහිමි වන බවයි.

සිංගප්පුරුව තම රටට වන වාසිය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරත්දි, ලංකාවේ රජය තමන්ට වෙන පාඩුව ගණන් හදලා බලලත් නෑ. මේකෙන් වෙන වාසි මොනවද කියලා ලංකවේ අයට පැහැදිලි කරන්නත් බෑ.

තොරතුරු තාක්ෂණ වෘතීයවේදීන්ගේ සංගමයේ සභාපති කපිල පෙරේරා.




අපි වෘත්තීය වේදීන් වශයෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම කළා. මීට වසර දෙකකට පෙර කොළඹට වෘත්තිකයෝ දස දහස් ගණන් රැස් කරලා විශාල උද්ඝෝෂණයක් කරලා කිව්වා ජාතික වෙළද ප්‍රතිපත්තියක් නැතිව, අවශ්‍ය නීතිමය වටපිටාව සකස් නොකොට මෙවැනි ගිවිසුම් අත්සන් කර්න්න එපා කියලා. අපි විසින්ම මෙම ගිවිසුමෙන් ඇතිවන බලපෑම පිළිබදව අධ්‍යනයක් කරලා භාර දුන්නා. මේ සාකච්ඡා කණ්ඩායමේ තියෙන අඩු පාඩු පෙන්වා දුන්නා. නමුත් ඒ කිසි දෙයක ප්‍රතිපලයක් නැහැ.

ඒ නිසා අපිට කියන්න දේ තමයි මේ ඡන්දෙදි මේ වගේ රැවටිලිකාරයන්ට තවදුරටත් රැවටෙන්න එපා කියන පණිවුඩය අපට ජනතාවට දෙන්න සිදු වෙනවා.

No comments:

Post a Comment

Pages