ජනාධිපතිතුමා කැප්පෙටිපොළ නිළමේ මෙන් හරි තීරණය ගනීවිද?

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් 2017 ජනවාරි 11 වන දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී එහි ලේකම් ලසන්ත වික්‍රසිංහ මහතා දැක්වූ අදහස්:

අගමැතිතුමා ඇතුළු රජය විසින් 2016 වසරේ නොයෙකුත් දින පවසමින් එදාට පෙර එට්කා ගිවිසුම අත්සන් තබන බව කිහිප වරක්ම පැවසුවා. නමුත් වෘත්තිකයන් ඇතුළු පොදු මහ ජනතාවගේ විරෝධය නිසා අපට පුළුවන්වුනා 2016 වසරේදී එට්කා ගිවිසුම අත්සන් කරන්නට ඉඩ නොදීමට.

වෘත්තිකයෝ දැන් වඩාත් ශක්තිමත්ව එක පෙරමුණක එක්වෙලා තියෙනවා වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ නමින්. එහි සභාපතිත්වය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් දරන අතර එහි ලේකම් ධූරය හොඹවන්නේ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති කපිල පෙරේරා මහතා විසින්.

අපි විශ්වාස කරනවා තවමත් සමාජයේ ඇතැම් කොටස් මේ දේශද්‍රෝහී එට්කා ගිවිසුම තමන්ට බලපාන ආකාරය පිළිබඳව ප්‍රමාණවත් තරමට සංවේදී නැති බව. විශේෂයෙන්ම මේ ගිවිසුමෙන් වැඩිම බලපෑමක් එල්ලවන පිරිසට මේ අවදානම ගැන වැඩි අවධානයක් නැහැ. ඒ තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව. මේ එට්කා ගිවිසුම අත්සන් තැබුවහොත් වර්තමාන විශ්ව විද්‍යාල සිසුන් නුදුරු අනාගතයේදී රැකියා වෙළඳපලට පැමිණෙන අවස්ථාවකදී ඉන්දියානු වෘත්තිකයන් ලංකාවට එන්න පටන්ගෙන තිබුනොත් ඔවුට රැකියාව සොයා ගැනීම ඉතා දුෂ්කර වේවි. සොයා ගන්නා රකියාවේත් වැටුප් මට්ටම ඉන්දියානු වෘත්තිකයාගේ වැටුප් මට්ටමට පහත යනු ඇති. ඒ නිසා අද ඔවුගේ ප්‍රමුඛතම ගැටළුව විය යුත්තේ එට්කා ගිවිසුම.

අපි දැක්කා මාධ්‍යවල පළ වෙලා තිබුනා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව කියලා. මෙවැනි දේශද්‍රෝහී ගිවිසුමක් එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුළ අත්සන් කරන්න ඉඩ තැබුවහොත් එතුමා නැවත ජනාධිපති වරණයට ඉදිරිපත් වුනත් ඒ පිළිබඳව වැඩි බලාපොරොත්තුවක් තබා ගන්න ඉතාම අපහසු වෙනවා. එතුමාව ජනතාව අතර දැඩි අප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙනවා වෙන්නත් පුලූවන් මේ ගිවිසුමත් එක්කම.

අපි දැක්කා ජනාධිපති තුමා ඉතාමත්ම නිවැරදිව පවසලා තිබ්බා විදෙස් වලින් එන බලපෑම් වලට අවි ආයුධ වලින් නෙමේ ප්‍රඥාවෙන් අපි මුහුණ දෙන්න ඕනා කියලා. ජනාධිපතිතුමා ඒ අදහස් පළ කරලා තිබ්බේ අපේ ජාතික වීරයන් බටහිරයන්ගේ කාලයේ රාජද්ද්‍රෝහීන් ලෙස නම් කර තැබීම නිවැරදි කරමින් ඔවුන් නිල වශයෙන් ජාතික වීරවරයන් ලෙස නම් කිරීම වෙනු වෙන් පැවති උත්සවයකදී.

අපිට සිහිවෙනවා අපේ කැප්පෙටිපොළ නිළමේතුමා. එතුමාත් හිටියේ දේශද්‍රෝහී පිළේ. නමුත් හරි වෙලාවට හරි තීරණය අරගෙන එතුමා ජාතිමාමක පිරිස එක්ක එකතු වෙච්ච නිසා, මේ රටේ ස්වදේශික ජනතාවගේ මතයත් එක්ක එකතු වෙච්ච නිසා කැප්පෙටිපොළ නිළමේ තුමාව ජාතික වීරවරයෙක් ලෙස නම් කරන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පුළුවන් වනා.

අපි කණගාටුවෙනනුවා ජනාධිපති තුමා මෑතකදී පාර්ලිමේන්තුවේදී පැවසුවා එට්කා ගිවිසුම අත්සන් කරනවා කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමත් කැප්පෙටිපොළ නිළමේ තුමා වගේ හරි වෙලාවට ප්‍රඥාව පාවිච්චි ස්වදේශික ජනමතය සමඟ හිටගෙන මේ එට්කා ගිවිසුම හකුලා දමන්න ක්‍රියා කරාවි කියලා.
නව ව්‍යවස්ථා යෝජනා සහ එට්කා ගිවිසුම එකට ක්‍රියාත්මක වුවහොත් ඉන්දියාවෙන් පැමිණෙන පුද්ගලයන්ට තම ආගම මෙරට ප්‍රචාරය කිරීම ඔවුන්ගේ මානව හිමිකමක් බවට පත්වෙන බවද පැහැඳිළි කළේය.
එම ගිවිසුම හරහා  දැනටමත් ඇමරිකානු ඩොලර් බිලියන 8.5 ක් වන වාර්ෂික වෙළෙඳ හිඟය පියවා ගැනීමට ඇති  විදේශ සේවා නියුක්තිකයින්ගේ සංක්‍රාමවල ශුද්ධ අගය අඩු වීම වැළැක්විය නොහැකි වනු ඇති බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා ගෙවුම් ශේෂ අර්බුදයක් මතුවුවහොත් රුපියලේ අගය අවප්‍රමාණය වීම,විදේශ සංචිත පහත වැටීම,ණය ගැනීමට සිදුවීම සහ රාජ්‍ය දේපළ විදේශිකයන්ට විකුණන්නට සිදු විම යන කාරණා වලට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවන බව පැහැඳිළි කළේය. ඇතැම් ආර්ථික විද්‍යාඥයන් බව පවසන රජයේ උපදේශකයින් එට්කා ගිවිසුමෙන් සිදුවන හානිය රටට අනාවරණ නොකර ඉන්දියාවාට සේවය කරන බව ඔහු පැවසීය.

සම්පූර්ණ කතාව මෙතනින්:

No comments:

Post a Comment

Pages