ETCA නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද? කෘතිය කියවන්න

පහත පින්තූරය මත 'ක්ලික්' කිරීම මඟින් ETCA නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද? කෘතිය බාගත කළ හැකිය.


කෘතිය පිළිබදව විද්වතුන් පළ කළ අදහස්

ගරු කතානායක කරූ ජයසූරිය මහතා

වගකිවයුතු නිලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු මෙවන් කෘතියක් එළිදැක්වීම කාලෝචිත අදහසකි. මෙවන් කෘති එළිදැක්වීමට ඔබසැමට ශක්තිය හා ධෛර්ය ලැබේවා!

සාහිත්‍ය සූරී වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා

"මේ පොත කියවලා ඉවර වුණාම මට විශාල සතුටක් ඇති වුණා. මොකද?, ඒ තරම් හොඳට මේ ප්‍රශ්නය ගැන ලියවුණු ලේඛණයක් මම කියවලා නැහැ. මේ කෘතිය ඉතාමත්ම වැදගත් විශිෂ්ට ලේඛනයක්. 

 එවැනි සතුටක් ඇති වීමට තවත් හේතුවක් තියෙනවා. මම දිගින් දිගටම බලාපොරොත්තු වුණා මේ රට තුළින් මේ රට බේරා ගැනීම සඳහා දැන උගත් තරුණ පරම්පරාවක් බිහි වේවි කියලා.  59දි "සංස්කෘත" නැමැති සඟරාවට මම ලිව්වා මේ රටේ අනාගතය භාර ගන්නෙ ගමෙන් එන, මේ පසෙන් හැදුනු තරුණ පිරිසක්ය කියලා. 56 විප්ලවයෙන් පස්සෙ මගේ හිතේ ඇතිවුණු බලාපොරොත්තු එක්ක තමයි මම ඒ වෙලාවෙ ඒ අදහස පළ කළේ. අවාසනාවකට වගේ මගේ ඒ බලාපොරොත්තුව බොහෝ කල් යනකන් ඉෂ්ට වුණේ නැහැ. මේ කෘතිය ඒ පිළිබඳව පැහැදිලි සංඥාවක් නිකුත් කරනවා.

 හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා

මම ඇත්තටම පුදුම වුණා මෙතරම් හොඳට මේ විෂය විශ්ලේෂණය කරලා තියෙන එක ගැන. මේ විෂය ඉතාමත්ම ගැඹුරු ලෙස අධ්‍යයනය කරලා, මේ ප්‍රශ්නය ගැන විමසා බැලිය යුතු හැම පැතිකඩක්ම මේ කෘතියේ ඇතුළත් කරලා තියෙනවා.  මේ විෂය ඉදිරියට ගෙන යද්දි අපි සියලු දෙනාට මේ පොත විශාල රුකුලක් වෙනවා.

 යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා 

ජාතිය මුහුණ දී ඇති අති භයානක ඉරණම පැහැදිලි කරන මේ කෘතිය කියවනකොටත්  ඒ බය, නින්දාව, ආවේගයන් වගේම ඒ සියල්ලත් එක්කම මට යටපත් කළ නොහැකි ආකාරයේ සතුටක් ඇති වුනා. ඒ අන්  කිසිවක් නිසා නෙමේ, අලුත් පරපුරක් මව්බිම වෙනුවෙන් දැනුවත්ව මැදිහත් වෙන්න සූදානම් කියන පණිවුඩය මේ කෘතිය හරහා අපට ලැබෙන නිසා.
-

ඔස්‌මන් චන්ද්‍රවංශ,  හිටපු විනිමය පාලක සහ ජ්‍යෙෂ්ඨ අර්ථශාස්‌ත්‍රඥ

එට්‌කා නෑයෙක්‌ද "ආක්‍රමණිකයෙක්‌ද" යන ග්‍රන්ථය ශ්‍රී ලංකා රජය නුදුරු අනාගතයේදී ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට සැළසුම් කර ඇති ආර්ථික හා තාක්‌ෂණ සහයෝගීතා ගිsවිසුම (ETCA) ශ්‍රී ලංකාව කෙරෙහි සෑම අතින්ම බලපාන අයුරු විග්‍රහ කරන ග්‍රන්ථයකි. කතුවරුන් දෙදෙනා ආර්ථික විද්‍යාඥයින් නොවුණද මෙතෙක්‌ කිසිදු ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙකු විසින් එට්‌කා ගිsවිසුම පිළිබඳ කරනු ලැබූ විග්‍රහයන්ට වඩා සාර්ථකව විග්‍රහ කර ඇති බව කිව යුතුය. එමෙන්ම මෙම ගිවිසුම ශ්‍රී ලංකා ආර්ථිකයට මෙන්ම රටේ සමාජ දේශපාලන සහ සංස්‌කෘතික අංශයන්ට කරනු ලබන බලපෑම මනාව ඉදිරිපත් කිරීමට කතුවරුන් දෙදෙනා සමත් වී ඇති බව අවංකවම ප්‍රකාශ කළ යුතුය.
-


No comments:

Post a Comment

Pages