ආක්රමණිකයා පැමිණෙන්නේ බොරුව ව්‍යාජය වපුරවමිනි. ආක්රමණිකයා ඒ කර්තව්‍යය සඳහා මෙරට වගකිවයුත්තන් සිය වෙළද ප්රචාරක කරුවන් ලෙස බදවා ගෙන ඇති අයුරු සිහි බුද්ධියෙන් හාත්පස බලන්නන්ට පෙනීයා යුතුය.
ඒ බොරුවට ඉස්මතු වීම සඳහා ETCA ගිවිසුම සම්බන්ධයෙන් නිවැරදි සමාජ කතිකාවතක් ඇති වීම වළක්වන්නට කටයුතු යොදමින් ඇත. සියල්ල රහසේ වැඩි සද්දයක් බද්දයක් නැතුව කරගෙන යාමට රජය කටයුතු කරමින් ඇත. මෙවන් පසුබිමකදී අප විසින් කුමක් කළ යුතුද? අපට කුමක් කළ හැකිද?
අප විසින් කළ යුත්තේ අසත්‍ය වෙනුවවට සත්‍යය සමාජගත කිරීමයි. ආක්‍රමණිකයාගේ බේගල් ප්‍රචාරණය වළකාලිය හැකි පරිදි මහජනතාව සත්‍යයෙන් සන්නධ කිරීමයි.
ඒ සඳහා අප අත්පත්‍රිකා දෙලක්ෂයක් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් අරඹා ඇත. අපගගේ මාධ්‍යය ඒකකය (SITP-Media Unit )විසින් එම වැඩපිළිවල අරඹයා නිපදවූ විඩියෝව මෙහි දැක්වේ. ඔබත් එය නරඹා මිතුරන් අතරේ බෙදා හරින්න. එය ඔබෙන් ඉටුවන මහඟු සේවයකි.
වත්පොතෙහි යොමුව:
https://www.facebook.com/sitplanka.org/videos/1213402262064930/
ඔබ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු නම්, මෙම කර්තව්‍යය වෙනුවෙන් ඔබට දෙපැයක් වැය කළ හැකි නම් හෝ වෙනත් ආකාරයකින් උපකාර කළ හැකි නම් info@sitplanka.org වෙත විද්‍යුත් ලිපියක් ඔබගේ දුරකතන අංකය සඳහන් කර යොමු කරන්න.
No comments:
Post a Comment