සිල්ලර කාසි වෙනුවෙන් රට උකස් කරන්නෙ හිඟන “විද්වතූන්” - GMOA


ජාත්‍යන්තර වෙළඳාම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සෑදීම ප්‍රමාද කරමින් කැබිනට්‌ පත්‍රිකා මගින් රටේ විවිධ වෙළෙඳ ක්‍ෂේත්‍ර විදේශිකයන්ට පැවරීමේ කොන්ත්‍රාත්තූවක් සිදුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. 
විදේශයන්ගෙන් විවිධ වරප්‍රසාද ලබමින් තම උපන් රට විදේශිකයනට පවරා දීමේ නිර්ලජ්ජිත ක්‍රියාවන්වල නියුක්ත විද්වතුන් යෑයි තමන්ම හඳුන්වා ගන්නා පිරිස්‌ විසින් රජයට ජාත්‍යන්තර වෙළෙඳාම් සඳහා උපදෙස්‌ ලබා දෙන බවත් ඔවුන් තමාට ලැබෙන සිල්ලර කාසි සඳහා රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකූණා දැමීමට යෝජනා කරමින් සිටින බවද සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා ප්‍රකාශ කරන ලදි.

http://www.cepaepa.com

No comments:

Post a Comment

Pages