ගම්මිරිස්, කරුංකා ආදිය සඳහා ප්‍රභවස්ථාන සහතිකය ලබා දෙන වාණිජ දෙපාර්තුමේන්තුව, යළිත් වරක් වරක් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාටම පවරා ඇති බවත් ඒ සම්බධයෙන් ජනපති හා අගමැති වගකිවය යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පවසයි.

එසේම ගම්මිරිස් සහ කරුංකා ආනයනය සහ ප්‍රතිඅපනය අත්හිටුවීමට ගත් තීරණයට අනුව ගැසට් ප්‍රත්‍රිකාව නිකුත් කිරීමට රජය කටයුතු නොකරීමෙන් එම වංචාව පවත්වාගෙන යාමය සහය දෙමින් ජනතාව මුලා කර ඇති බවද එම සංගමය පවසයි.


පසුගියදා කොළඹදී තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා දැක්වු අදහස්:
ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තුමේන්තුව තමයි නිදහස් වෙළඳ ගිවිසුමක් යටතේ භාණ්ඩයක් මෙරට සිට වෙනත් රටකට අපනයන කරන විට අදාළ බදු සහන ලබා ගැනීමට, එම භාණ්ඩය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩයක් බවට සහතිකය (ප්‍රභවස්ථාන සහතිකය) නිකුත් කරන්නේ. වාණිජ දෙපාර්තුමේන්තුවේ ඉන්න අවංක නිලධාරීන් පිරිසකගේ උත්සාහයන් ව්‍යවර්ත කරමින් බදුර්දීන් අමාත්‍යවරයාගේ සෘජු බලපෑම මත පිටරටින් ආනයනය කළ ගම්මිරිස් සහ කරුංකා ආදිය සඳහා ව්‍යාජ ලෙස සකස් කරපු සහතික ලබාදීම පසුගිය කාලයේ දිගටම සිදු වුණා. මේ නිසා දේශීය ගොවීන් විශාල අපහසුතාවයකට පත්වුණා.
2018 ඔක්තෝම්බර් 26 වන දින එක්සත් ජාතික පක්ෂ රජය තාවකාලිකව බිඳවැටුනට පසුව, වාණිජ දෙපාර්තුමේන්තුව අයත්වුණේ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යටතට. යළිත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහුටුවීමෙන් පසුවත් වාණිජ දෙපාර්තුමේන්තුව ගැසට් කෙරුණේ එම අමාත්‍යංශය යටතටමයි. එනම්, මලික් සමරවික්‍රම අමාත්‍යවරයා යටතට.
වාණිජ දෙපාර්තුමේන්තුව අමාත්‍ය රිෂාඬ් බදුර්දීන්ගේ ග්‍රහණයෙන් මිදිලා තිබුණු මේ කෙටි කාලය ඇතුළත වාණිජ දෙපාර්තුමේන්තුවට හැකියාව ලැබුණා කැබිනට් පත්‍රකාවක් කෙටුම්පත් කරලා ගම්මිරිස් සහ කරුංකා වංචාව වැළැක්වීම සඳහා මේවා ආනයනය සහ ප්‍රතිඅපනයනය වළක්වන්න යම් පියවරක් ගන්න. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ නමුත්, එය නීතියක් බවට පත්වන්න නම් එය ගැසට් කළ යුතුයි. එය ගැසට් කිරීමේ වගකීමේ පැවරෙන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාටයි. ගම්මිරිස්, කරුංකා ආනයනය වළක්වන්න කැබිනට් අනුමැතිය ලැබුණා කියලා මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා, ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් රජය වැළකී සිටිනවා. ඒ අනුව ගම්මිරිස් සහ කරුංකා වංචාව නවත්වන්න පියවර ගන්නවා කියලා බොරුවට ජනතාව මුලා කිරීමක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ.
එක පැත්තකින් ජනතාව මුලා කරන ගමන් අනිත් පැත්තෙන්, මේ වංචාවට පහසුකම් සැළසීමත් රජය හොර රහසේ කටයුතු කරමින් සිටිනවා. රිෂාඩ් බදුර්දීන්ට වාණිජ දෙපාර්තුමේන්තුව අහිමි වුනාට පස්සේ ඔහු විශාල උත්සාහයක් ගත්තා එය නැවත ඔහු වෙතට ලබා ගන්න. රිෂාද් බදුර්දීන්ට වාණිජ දෙපාර්තුමේන්තුව මේ තරම් ඕනා වෙන්නේ ඇයි කියලා ඕනෑම ගොනෙකුට තේරෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තවත් පරාජයක් අත්කරදෙමින් යළිත් වරක් රිෂාද් බදුර්දීන් යටතටම වාණිජ දෙපාර්තුමේතුව ගැසට් කරන්න රජය දැන් ක්‍රියා කරලා. මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ජනතාව රවටලා, ජනමාධ්‍යය රවටලා, රටේ පාලකයින් මේ දූෂිතයන්ට පහසුකම් සපයමින් සිටිනවා.
කැලෑ කැපීම, ගම්මිර්ස් වංචාව, බීඩි කොල වංචාව, අධිකරණයට ගල් ගැසීම, සතොස ආයනතනය තුළ සිදුවන වංචා ආදියට චෝදනා එල්ල වෙන්නේ එකම ඇමතිවරයෙකුට. මේ අය මේ වංචාවල් කරන්නේ තමන්ගේ පක්ෂේ නමට ආගමේ නමත් ඈදාගෙන. ඒ නිසා මේ හොර තක්කඩිකම් ඒ ආගමික භක්තිකයන්ටත් කරන අසාධාරණයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මුස්ලිම් ජාතිකයන් තමන්ගේ ගෞරවය රැකගන්න මෙවැනි වංචාවලට එරෙහිව ඔවුන් නැගී සිටියි කියා.
මේ වංචාකාරයින් මෙතරම් බලවත් වෙලා තියෙන්නේ අපේ රටේ මැතිවරණ ක්‍රමය හරහා දුර්වල පාර්ලිමේන්තුවක් බිහිවෙන නිසා. එන්ජීඕ කාරයෝ සහ වාමවාදීන් යෝජනා කරන ආකාරයට විධායක ජනපති ක්‍රමයත් අහෝසි කළොත් වෙන්නේ රාජ්‍යය තවත් දුර්වල වෙලා මේ වංචාකාරයින් තවත් බලවත් වෙන එකයි. හැම ආණ්ඩුවකටම පනින මේ දූෂිතයන්ගෙන් ගැලවෙන්න නම් රටට අවශ්‍ය වන්නේ දිනන පක්ෂයට පැහැදිලි බහුතරයක් ලැබෙන ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිවන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් හදුන්වාදීමයි.

No comments:

Post a Comment

Pages